සියැස දේශීය රූපවාහිනී විකාශය PEO TV ඔස්සේ

PEO TV රූපවාහිනී නාළිකා ගොන්නට එක් වූ නවතම දේශීය නාළිකාව වන්නේ ‘සියැස රූපවාහිනී’ දේශීය විකාශයයි. නව නාළිකාව සුබ මොහොතින් ආර්ථික සංවර්ධ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සුරතින් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ශ්‍රී ලාංකේය රුපවාහිනී ප්‍රේක්ෂකයා වෙත මුදා හැරිණි.

මූලික වශයෙන් බෞද්ධ නාළිකාවක හැඩය ගත්ත ද ‘සියැස ටීවී’ ඔස්සේ සත්‍ය, සාධාරණත්වය, සාමය, සංහිඳියාව, ආනන්දය සහ ප්‍රඥාව වෙත මිනිසාගේ නැණ පහන් අවදි කරවීමට මනුෂ්‍යත්වයේ ගරුත්වය උදෙසා පුද කෙරෙන රූප නාළිකාවක් උදෙසා සිය පරමාදර්ශී සන්නිවේදන මෙහෙවර මෙහෙයවන බව මෙහිදී අදහස් දැක්වූ සියැස රූපවාහිනී නාළිකාවේ කළමනාකාර අධ්‍යක්ෂ පී.කේ.යූ.අධිකාරම්ගේ මහතා පැවසුවේය.

එම අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි ලලිත් ද සිල්වා මහතා සිය අදහස් දක්වමින් 30 වසරක යුද්ධයේ මතකය අතීතයට එක්කරවමින් හෙට දවසේ උදාවෙන ආශ්චර්යවත් ශ්‍රී ලංකාවේ අනාගතය වඩා සාමකාමී යහගුණයෙන් සපිරි සමාජයක් සේ නිර්මාණය කරන්නට කැපවෙන ‘සියැස’ රූපවාහිනියේ විකාශනයන් ශ්‍රී ලංකා ටෙලිකොම් PEO TV ජාලය ඔස්සේ විකාශනය කිරීමට ලැබීම මහත් භාග්‍යයක් සේ සලකන බව පැවසීය.

 

ඡායාරූපය-රුක්මල් ගමගේ

Short URL: http://sinhala.enews.lk/?p=41432

Posted by on Feb 9 2014. Filed under උණුසුම් පුවත්, පුවත්, ව්‍යාපාරික. You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

You must be logged in to post a comment Login

Photo Gallery

120x600 ad code [Inner pages]
Solution by www.enews.lk Web Design Sri Lanka